Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
ඇමෙරිකානු ජනපතිට හා බිරිඳට කොරෝනා..? වහාම පරීක්ෂණයක්...

ඇමෙරිකානු ජනපතිට හා බිරිඳට කොරෝනා..? වහාම පරීක්ෂණයක්... Featured

ඔක්තෝබර්,02 2020 - 
විදෙස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ජනාධිපතිවරයා සහ ආර්යාව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට තමන්ගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල ලැබෙන තෙක් බලා සිටින බවයි.

ජනාධිපති ට්‍රම්ප් ගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවයි.

ඉකුත්දා ජනාධිපති ට්‍රම්ප් ඔහියෝ හිදී සහභාගිවූ රූපවාහිනී විවාදයට ද මෙම නිලධාරිනිය එක්වී ඇති බවත් එහිදී ඇය ජනාධිපතිවරයා සමග ඔහුගේ නිල ගුවන් යානයෙන් එකට ගමන් කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එමෙන්ම මිනේස්ටෝ හිදී ජනාධිපති ට්‍රම්ප් සහභාගිවූ රැළියේදී ජනාධිපතිවරයා සියා හෙලිකොප්ටරයට ගොඩවන අවස්ථාවේදී ද මෙම නිලධාරිනිය ජනාධිපතිවරයාගේ ආසන්නයේ සිට ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා.

අමෙරිකාවේ ක්ලේව්ලෑන්ඩ් හිදී මෙම 31 හැවිරිදි ජනාධිපති උපදේශකවරිය හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයෙන් පිටතට එන අවස්ථාවේදී මුඛ ආවරණයක් පැළද නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

More in this category: « කොරෝනා වසංගතය තවත් නරක අතට.. ඉදිරි මාස දෙක ලෝකෙටම අවදානම්..! ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වීම ඡන්ද කැම්පේන් එකේම කොටසක්..! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.