ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයකු වන හෙයින් ඔහුගේ මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය කරනු ලබන කළමනාකරු විසින් මෙම උපාය යොදා ගෙන ඇතැයිද වාර්තා වේ.
පසුගිය කාලය මුළුල්ලේ ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් ඉතිහාසයේ ඇමෙරිකානු ජනාධිපතිවරයකු ලැබූ ඉහළම ජනතා අප්‍රසාදය ඔහුට හිමිව තිබුණි.
කෙසේවුවද ඇමෙරිකානු ජනාධිපතිවරයාට කොරෝනා ආසාදිතවූ පුවතත් සමග විදෙස් මාධ්‍යයන්හි වැඩි අවධානය දිනාගැනීමට ඩෙනල්ඞ් ට්‍රම්ප් සමත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩපිළිවෙල මගින් මේවන විටත් ඉදිරියට පැමිණීමට ට්‍රම්ප්ට හැකි වී ඇති බවයි.
ජනතා අප්‍රසාදය වැඩි වශයෙන් ඔහුට එල්ල වෙමින් තිබුණද, මැතිවරණ ප්‍රචාරක උපක්‍රම තේරීම අතින් ඩොනල්ඞ් ට්‍රම්ප් අනෙකුත් පාර්ශ්වයන්ට වඩා ඉදිරියෙන් සිටින බවද දේශපාලන විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.