Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
බී- 117 වෛරස් ප්‍රභේදයෙන් බි්‍රතාන්‍ය තැති ගනී... රෝග ව්‍යාප්තිය වේගවත්..!

බී- 117 වෛරස් ප්‍රභේදයෙන් බි්‍රතාන්‍ය තැති ගනී... රෝග ව්‍යාප්තිය වේගවත්..! Featured

දෙසැම්බර්,25 2020 - 
විදෙස්

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පළමු වරට ආසියානු රටකින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව නව වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ සිංගප්‍පුරුවෙන්.

යුරෝපයේ සිට සිය රටට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ගේ සිදුකළ ජානමය පරීක්ෂණයෙන් මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

නොවැම්බර් 17 සිට දෙසැම්බර් 17 දක්වා කාලය තුළ සිංගප්පුරුවට පැමිණි කොවිඩ්-19 ආසාදිත රෝගීන් 31 දෙනාගෙන් එක් අයෙකුට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවත් තවත් 11 දෙනෙකු මූලික වශයෙන් ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ වාර්තා වැඩිදුර අධ්‍යයනය සඳහා යොමු කොට ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන 17 හැවිරිදී තරුණියක් බවයි සිංගප්පුරු බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම තරුණිය දෙසැම්බර් මස 06 වෙනිදා සිංගප්පුරුවට පැමිණ ඇති අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ දෙසැම්බර් මස 08 වෙනිදායි.

මෙම තරුණිය නිරෝධායනය වෙමින් සිටීම හේතුවෙන් ඇයගෙන් වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොතිබූ බවයි සිංගප්පුරු බලධාරීන් සඳහන් කරන්නේ.

More in this category: « අමෙරිකාව වෙනසක් අභියස..? මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩන් ඉදිරියෙන් ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.