ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෙසු රටවල් තුනෙහි විදේශ අමාත්‍යවරැන් විසින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය වසරේ විරෝධතාවන්හි නිරත වූ විපක්ෂ ක්‍රියාකාරිකයන් 55 ,දෙනෙකු පමණ අලුතින් හදුන්වා දුන් ජාතික ආරක්ෂක නීතිය යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් අතර පසුව ඉන් පිරිසක් රදවාගෙන සෙසු අය මුදා හැර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම හොංකොං වැසියන් වසර ගණනාවක් පුරා භුක්ති විදි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මෙවැනි ක්‍රියාවලින් වැළකීමට චීනය කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.