Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • ජනපති විශේෂ නිවේදනයක් නිල වශයෙන් නිකුත් කරයි; ''අරයා අඳුරනවා... මෙයා අඳුරනවා...'' කියා පත්වීම්, වරප්‍රසාද බෑ සෑම පුරවැසියෙකුටම එකම නීතියක්
සජිත් ජනතාව වෙනුවෙන් දිවි දෙන අස්සේ රනිල් ආයෙත් අගමැති වෙන සටනේ

සජිත් ජනතාව වෙනුවෙන් දිවි දෙන අස්සේ රනිල් ආයෙත් අගමැති වෙන සටනේ Featured

අගෝස්තු,13 2019 - 
පුවත්

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කළා සේම තමන්ද ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට වුවද සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියේ ඊයේ (12 දා) සවස පැවැති පිළිගැනීමේ උත්සවය අමතමින් ඇමැතිවරයා මේ බව කීය.

දසරාජ ධර්මය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවත් මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කරගත් නවීන ආර්ථික ක‍්‍රමයක් රට තුළ බිහි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවය. ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ත‍්‍රස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියලූ දෙනා විනාශ කරන බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ත‍්‍රස්තවාදය ඇති කරන ප‍්‍රධාන කි‍්‍රයාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි. කිසිදු අවස්ථාවක මාතෘ භූමිය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශපේ‍්‍රමීන් ඇති කරමින් රට ගොඩනගන්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

යම්කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිතකර ආරක්‍ෂක, වෙළෙඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරන බවටද ඔහු පොරොන්දු විය. රට සංවර්ධනය කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනතාවගේ සහයෝගයෙන් එළඹෙන නොවැම්බර් මාසයේදී තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේය.

අජිත් පී. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්‍ද්‍ර සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවේල් සුරේෂ්, සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇතුළු එජාප මැති ඇමැතිවරුන් රැසක් මෙම වේදිකාවට එක් වූහ.

-බදුල්ල - එස්. රත්නායක

More in this category: « ඊළඟ ආණ්ඩුවේ බලවතා කවුද? 19යෙන් ඉස්සුනේ ජනපතිද? අගමැතිද? මෙවර මැතිවරණයේ අලුත් ඡන්ද තීරණාත්මකයි; ජන්ද එකහමාරක් ගැන සියල්ලෝම අවදියෙන් »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • ජනතා නියෝජිතයින් ජනතාවට වැඩක් කරනවාදැයි හොයන්න ජනපති මෙහෙය වීමෙන් විශේෂ කමිටුවක්; දුප්පතුන්ට ආධාර වෙනුවට හැම පවුලකම එක් අයෙකුට රජයේ රැකියාවක්
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රාජිතගේ කිඹුල් රියදුරා සහ රන් අතරමැදියා අත්අඩංගුවට! ;ආරංචියෙන් සුවපති කලබල වී ආරක්ෂක අංශ පීරයි
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රනිල් දාපු තොණ්ඩුවෙන් සජිත් පිල ලිස්සා යයි; එජාප නායකයා තෝරන කමිටුවටත් පස්ස හරවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • පස්වන දිනටත් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ගානියා බැරිස්ටර් නොහොත් ශ්‍රියාලතා අංගොඩ යවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10ක් වෙළාගනී; වැඩිම අවදානම කොළඹ - කළුතර - ගම්පහ; මේවන විට රෝගීන් 90,000යි - මරණ 100යි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • දියවන්නාව සුද්ද කිරීමේ මෙහෙයුම හම්බන්තොටින් අරඹයි; පිස්තෝල අක්කාගේ සැමියාගේත් නාමයෝජනා ප්‍රතික්ෂේපයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • Home
  • පුවත්
  • ජනපති විශේෂ නිවේදනයක් නිල වශයෙන් නිකුත් කරයි; ''අරයා අඳුරනවා... මෙයා අඳුරනවා...'' කියා පත්වීම්, වරප්‍රසාද බෑ සෑම පුරවැසියෙකුටම එකම නීතියක්
Copyright © Aanduwa.lk 2019 All rights reserved.