ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රචාරණ අංශයේ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම නියෝගය නිකුත් කර ඇති අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කර තිබේ.
සිංහල ඡන්ද පදනම මේ වනවිටත් පැහැදිලි ඉරකින් ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි බෙදී ඇති නිසා තවදුරටත් ජාතිවාදය ඇවිස්සීමෙන් පොහොට්ටුවට දිනාගත හැකි දෙයක් නොමැති බව ඒ මහතා විසින් පෙන්වා දී තිබේ.
2014 වසරේදී කරගත් වැරැද්ද යළි සිදු නොවීමට වගබලා ගත යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව මුස්ලිම් දේශපාලනඥයින්ගේ සිත දිනාගැනීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව අවධාරණය කර ඇති ඒ මහතා සියල්ල පෙර පළමුවෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් ඉලක්ක කරගෙන පහරදීම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව තරයේ නියෝග කර ඇත.
මෙම අවස්ථාවේදී මීට එරෙහිව අදහස් දැක්වීමට ඉදිරිපත් වූ සිංහල ජාතිවාදී මන්ත්‍රීවරයකුට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ "තමුසෙට තනියෙන් ඉල්ලලා ඡන්ද දහ දාහක් ගන්න පුළුවන්ද ? බෑනේ ? ඔය කෑගහන කාටවත් ගෝඨාව දිනවන්න බෑ. හැබැයි බදූර්දීන්ට පුළුවන්. ඒ නිසා මං කියන විදිහට වැඩ කරනවල්ලා" යනුවෙනි.
LNW