Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • බැදුම්කර විවාදය ඡන්දෙන් පස්සේ
ඉටිකොළ එපා - පොලිතීන් එපා - පෝස්ටර් එපා; කැම්පේන් කරන හැටි ගෝඨා විමල්ට උගන්වයි

ඉටිකොළ එපා - පොලිතීන් එපා - පෝස්ටර් එපා; කැම්පේන් කරන හැටි ගෝඨා විමල්ට උගන්වයි Featured

අගෝස්තු,15 2019 - 
පුවත්

පරිසර හිතකාමී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට තමන් ජනතාවට පොරොන්දු වී සිටියදී තමන්ගේ රුව යොදාගෙන දිවයින පුරා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතාට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කෙරුණු අගෝස්තු 11 වනදා රාත්‍රියේ මෙම පෝස්ටරය දිවයිනේ බොහෝ ස්ථානවල අලවා තිබුණු අතර පසුදා විමල් වීරවංශ මහතා විසින් මෙම පෝස්ටරය ඇලවීම පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූප පළ කර තිබුණු අයුරුත් ඊට ජනතාව දක්වා තිබුණු ප්‍රතිචාරත් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නිරීක්ෂණ ඒකකය විසින් ඒ මහතාව දැනුවත් කර ඇත.

ඒ අනුව වහාම, ඒ මොහොතේම විමල් වීරවංශ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා "මොකද්ද මේ කරලා තියෙන්නෙ ? මේක හරිද ? මං පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් ගැන ජනතාවට පොරොන්දු දීලා පැය ගාණක් යනකොට ඔයාලා ඒක කඩනවා. මොකද්ද මේකෙ තේරුම ?

මං තමා අපේක්ෂකයා. ඒක සියලුම ප්‍රයිවට් ටීවී චැනල්වල ලයිව් පෙන්නුවා. තව ෆේස්බුක් ලයිව් දුන්නා, යූ ටියුබ් චැනල් බර ගාණක ලයිව් දුන්නා. අනිත් සෝෂල් මීඩියාවලත් අපි කැම්පේන් කළා. මිනිස්සු රතිඤ්ඤා පත්තු කළා. කිරිබත් කෑවා. හැමෝම දන්නවා මමයි අපේක්ෂකයා කියලා. ආයෙ ඔයාගෙ පෝස්ටරයක් ඕනෙ නෑ ඕකට.

ඔයාලට ගාණක් නෑ, මේකෙන් හානිය වෙන්නෙ මට. මිනිස්සු හිනා වෙන්නෙ මට. වචන දෙකේ මිනිහෙක්ය කියලා මිනිස්සු හිතන්නෙ මං ගැන.

අනික මං ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මිසක් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයා නෙවෙයිනෙ. ඔයාගෙ පක්ෂෙ ප්‍රචාරක වැඩ ඔයා ඕනෙ එකක් කරගන්න, ඒකට මගෙ ෆොටෝ දාගෙන මාව විහිළුවක් කරවන්න එපා.

තේරුණා නේද ? ඔයා මේක සත්භාවයෙන් කළා වෙන්න පුළුවන්. ඒත් අර කඩුව ගත්තු වඳුරා වගේ හැසිරෙන්න එපා. මට මේක ආයෙ ආයෙ කියන්න බෑ, ආයෙ මට මේවා දකින්න තියන්නත් එපා" යනුවෙන් තදින් අවවාද කර තිබේ.

මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද "නෑ සර්, මේ දැන්වීම් පුවරුවල විතරයි. තාප්පවල ඇලෙව්වෙ නෑ ..." යනුවෙන් යමක් කීමට උත්සාහ කරද්දී කෝපයට පත් ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා "දැන් මං එක සැරයක් කිව්වනෙ ? මොන පුවරුවකවත් මොකුත් එපා ! කතාව එච්චරයි. කැම්පේන් කරන හැටි මගෙ ටීම් එක කියලා දෙයි, ඒ කියන විදියට වැඩ කරපුවාම ඇති" යැයි වේගයෙන් පවසා දුරකථනය විසන්ධි කර ඇති බව ද සඳහන්.

LNW

More in this category: « සජිත්ට අපේක්ෂකත්වය නොලැබුණොත් පක්ෂයේ ඉන්නවාද? යනවාද?; සෙනසුරාදා එජාපයට තීරණාත්මකයි වැටුණු ආර්ථිකය ගොඩගත හැකි අපේක්ෂකයා සජිත් ද? ගෝඨා ද? »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • ජනතා නියෝජිතයින් ජනතාවට වැඩක් කරනවාදැයි හොයන්න ජනපති මෙහෙය වීමෙන් විශේෂ කමිටුවක්; දුප්පතුන්ට ආධාර වෙනුවට හැම පවුලකම එක් අයෙකුට රජයේ රැකියාවක්
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රාජිතගේ කිඹුල් රියදුරා සහ රන් අතරමැදියා අත්අඩංගුවට! ;ආරංචියෙන් සුවපති කලබල වී ආරක්ෂක අංශ පීරයි
    දෙසැම්බර්,14 2019 - 
    පුවත්
  • රනිල් දාපු තොණ්ඩුවෙන් සජිත් පිල ලිස්සා යයි; එජාප නායකයා තෝරන කමිටුවටත් පස්ස හරවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • පස්වන දිනටත් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ගානියා බැරිස්ටර් නොහොත් ශ්‍රියාලතා අංගොඩ යවයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10ක් වෙළාගනී; වැඩිම අවදානම කොළඹ - කළුතර - ගම්පහ; මේවන විට රෝගීන් 90,000යි - මරණ 100යි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • දියවන්නාව සුද්ද කිරීමේ මෙහෙයුම හම්බන්තොටින් අරඹයි; පිස්තෝල අක්කාගේ සැමියාගේත් නාමයෝජනා ප්‍රතික්ෂේපයි
    දෙසැම්බර්,13 2019 - 
    පුවත්
  • Home
  • පුවත්
  • බැදුම්කර විවාදය ඡන්දෙන් පස්සේ
Copyright © Aanduwa.lk 2019 All rights reserved.