ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරු ජයසූරිය මහතා පත් කිරීමටත්, එක්සත් ජාතික පෙරමුණෙහි නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමටත් මැදිහත් පාර්ශ්වය විසින් තීරණයක් ගෙන තිබේ.
මෙම යෝජනාවට කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකඟත්වය පළ කර ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එහෙත් මෙම යෝජනාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය මෙතෙක් දැනුම් දී නොමැති බවද දැනගන්නට ලැබේ.
මේ සම්බන්ධයෙන් 20 වෙනි දා රනිල් වික්‍රමසිංහ මහතාට කළ දැනුම් දීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ තීරණය දැනුම් දීම සඳහා පැය 48ක කාලයක් ලබා දෙන ලෙසයි.
කෙසේවුවද සිරිකොත අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම යෝජනාව සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වය සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ නිවසේදී සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන පිරිස් විසින් පෙන්වා දී ඇත්තේ 2023 වන තෙක් නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවිය යුතු බවයි.
කෙසේවුවද නිශ්චිත තීරණයක් දැනුම් දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි පැය 48 කාල සීමාව අද පස්වරුවෙන් අවසන් වීමට නියමිතව ඇත.