Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
සාක්ෂිවලින් දෙකොන ගිනි ගනී.. පාස්කු ප්‍රහාරය ගැන කළින් දැන සිටි එකම කෙනා හරීන්ගේ පියා..?

සාක්ෂිවලින් දෙකොන ගිනි ගනී.. පාස්කු ප්‍රහාරය ගැන කළින් දැන සිටි එකම කෙනා හරීන්ගේ පියා..? Featured

සැප්තැම්බර්,18 2020 - 
පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබදව කතෝලික සභාව දැනගෙන සිටියේ යැයි හැගවෙන පරිදි පාරිලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ කොමිසමේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය හා කනස්සල්ල එතුමාට පල කර සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීරීගම පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක් වෙමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

කතෝලික සභාව හෝ කතෝලික ජනතාව මේ පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටිය එකම පුද්ගලයා එතුමාගේ තාත්තා. එනිසා එතුමාගේ තාත්තා හරීන් ප්‍රනාන්දුට කීවා පල්ලි යන්නේ නැතිව ඉන්න කියලා. ඒ නිසා හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව දැනගෙන පල්ලි ගියේ නැහැ. එතුමා කතෝලික ජනතාව තුන්සීයක් විතර මැරෙන්න ඇරලා නිකන් හිටියා. එහෙම හිටපු හරීන් ප්‍රනාන්දු මහතා තමා පාස්කු කොමිසමට ඇවිල්ලා කතෝලික සභාවට, කාදිනල් හිමිපානන්ට, කතෝලික ජනතාවට චෝදනා කරන්නේ.

කතෝලික සභාව හෝ කතෝලික ජනතාව පාස්කු ප්‍රහාරය ගැන දැනන් හිටියේ නැහැ. එතුමට පල්ලි යන්නේ නැතිව ඉන්න පුළුවන්නම් කතෝලික ජනතාව දැනන් හිටියනම් මැරෙන්න පල්ලි යන්නනේ නැහැනේ.

කතෝලික ජනතාවට ප්‍රධාන මංගල්‍ය තුනක් තියෙනවා. නත්තල් මංගල්‍යය, පාස්කු මංගල්‍යය සහ ජනවාරි 01 දා. මේ සෑම මංගල්‍යකම පෙර දිනයේ රාත්‍රී තමා ප්‍රධාන දිව්‍ය පූජාව තියන්නේ.ඒ අනුව පාස්කු ප්‍රහාරයට කලින් දවසේ රාත්‍රී ප්‍රධාන දිව්‍ය පූජාව කාදිනල් හිමිපාණන් විසින් පවත්වනු ලැබුවා. අපිට තියෙන ප්‍රශ්නේ තමා එතුමා කතෝලිකයෙක් විදිහට මේ හැම දෙයක්ම දැනගෙන මේ විදිහට හැසිරෙන්නේ එන්ජීඕ වලින්, කොටි ඩයස්පෝරාවෙන් ලැබෙන සල්ලි වලටද ? එහෙම නැතිනම් ත්‍රස්තවාදයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් ලැබෙන සල්ලි නිසාද කියලා අපිට අහන්න තියෙනවා. මොකද හරීන් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙක් හැටියට දන්නවා ප්‍රධාන මංගල්‍යයන් වල පෙර දින රාත්‍රීයේ දේව මෙහෙය පවත්වන්නෙ කියලා.

මේ හැම දෙයක්ම දැනගෙන හරීන් ප්‍රනාන්දු මහතා මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ත්‍රසතවාදීන් ආරක්ෂා කරන්න, ත්‍රස්තවාදීන්ට අනුබල දීමක් කරා කියලා තමා අපට හැගෙන්නේ. ඒනිසා අපේ දැඩි විරෝධය එතුමාට පළ කර සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

More in this category: « එන්.ජී.ඕ. කේළම් නඩ හාන්සියි.. මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි! රටට බිලියන ගණන් මුදල් ඉතිරි කරමින් විදේශ ගමන් බලපත්‍ර මෙරටදීම මුද්‍රණය කිරීමට පියවර... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
Copyright © Aanduwa.lk 2021 All rights reserved.