ඒ අනුව ඊයේ දිනය තුළදී ද මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර ආශි‍්‍රතව සිදුවීම් රාශියක් රටේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා විය.
බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයන් 39 දෙනකු ඊයේ සවස් වන විට වාර්තා වී තිබුණු අතර නිරෝධායනයට යොමු කර සිටි බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සහ හෝ ආශ‍්‍රිතයන් 25 දෙනකු එසේ වාර්තා වීමෙන් බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1346 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කළහ.
ජාඇල, කදාන වටරවුම් මාර්ගයේ පිහිටි විදුලි පුද්ගලික සමාගමට අයත් (ලෙකො) කාර්යාලයේ සේවකයන් දොළොස්දෙනකුට ද ඊයේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.
එම කාර්යාලයේ සේවය කරන එක් අයකුගේ දියණියක් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස්හි සේවය කර ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු ලෙකො කාර්යාලයේ සියලූම සේවකයන් පීසීආර් පරීක්‍ෂණයකට යොමු කර තිබේ.
ඔවුන් අතරින් 12 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ජාඇල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්.ඩබ්ලිව්.එම්.වයි. විජේසිංහ මහතා පැවසීය.
මේ හේතුවෙන් කදාන විදුලි පුද්ගලික සමාගමේ කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ද එම සමාගම කටයුතු කර තිබිණි.
ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ ඇතිවී තිබෙන අවදානම් සහගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ කොරෝනා රෝග තත්ත්වය පිළිබදව පොලිසිය, යුද හමුදා ඇතුළු අදාළ සියලූ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය සදහා ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට රජය ඊයේ කටයුතු කරනු ලැබීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක මෙම මෙහෙයුම් මැදිරිය මගින් ගම්පහ කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීම සහ රෝගීන් හා ආශි‍්‍රතයන් වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම ආදී ලෙසින් සියලූ කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ අතර ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ගම්පහ පොලිස් කොට්ඨාසයේ සහ ක`දාන, ජාඇල සහ සීදුව යන ප‍්‍රදේශයන්හි ඔසුසල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන ස්ථාන අද (13 වැනිදා) සිට ලබන බ‍්‍රහස්පතින්දා (15දා) දක්වා වසා දැමීමට ද රජය පියවර ගෙන ඇත.
ඇ`දිරි නීතිය බල පැවැත්වෙන ප‍්‍රදේශයන්හි මෙම වෙළෙඳසල් විවෘතව තැබීමට ඊයේ දක්වා කටයුතු කෙරුණු අතර සෞඛ්‍ය උපදෙස් අනුව ඒම ස්ථාන වෙත ගොස් අවශ්‍යතා සපුරා ගැනීමට එම ප‍්‍රදේශවල ජනතාවට අවස්ථාව ලැබී තිබිණි.
පූගොඩ ඇගලූම් කම්හලක සේවය කළ තත්ත්ව පාලිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පෙරේදා (11 වැනිදා) අනාවරණය වීම හේතුවෙන් ඇය අසනීපව සිටියදී ප‍්‍රතිකාර ලබාගත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු ආශි‍්‍රතයන් 150 දෙනකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
එසේම ඇය සේවය කළ ඇ`ගලූම් ආයතනයේ සේවකයන් පීසීආර් පරීක්‍ෂණයන්ට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවය කරන ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සේවකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය.
ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මේ වන විට වෛද්‍ය ප‍්‍රතිකාර ස`දහා රෝහල්ගත කර ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ගුවන්තොටුපළට පැමිණි බාහිර පුුද්ගලයකුගෙන් බව සෞඛ්‍ය අංශ සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත. ඔහු සමග සේවය කළ ගුවන්තොටුපළ සේවකයන් 50 කට පමණ වහා පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරට අයත් අඹේපුස්ස කාමරංගාව ප‍්‍රදේශයේ පදිංචි තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඔවුන් ඇසුරු කළ පළමු හා දෙවැනි පෙළ ආශි‍්‍රතයන් 206 දෙනකුට කාමරංගාව ප‍්‍රජාශාලාවේදී පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.
මෙම ආසාදිතයන් තිදෙනා සමග සමීප සබ`දතා පැවැත්වූ පවුල් හයක් නිරෝධායනය ස`දහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
මීරිගම හාපිටිගම විද්‍යා පීඨය ද ඊයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇති අතර බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආශි‍්‍රතයන් ලෙස හ`ඳුනා ගනු ලැබූ පුද්ගලයන් 205 දෙනකු ඊයේ පීසීආර් පරීක්‍ෂණවලට යොමු කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ස`දහන් කළේය.
කටුනායක ආයෝජන කලාපයේ සේවකයන්ට සිදු කළ පීසීආර් පරීක්‍ෂණවලින් තවත් හත්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබිණි. ඒ අනුව කටුනායක ආයෝජන කලාපයෙන් මේ දක්වා හඳුනාගනු ලැබූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙම තත්ත්වය හමුවේ කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන සේවකයන් 1500 ට අධික පිරිසක් පීසීආර් පරීක්‍ෂණවලට යොමු කර අවසන් බව කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඉ`දුනිල් සමරතුංග මහතා ස`දහන් කළේය.
සපුගස්කන්ද මාකොළ ප‍්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්‍ෂවරියකට හා සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් පෙරේරා මහතා පැවසීය.
මේ හේතුවෙන් එම සමාගමේ සේවය කළ බියගම සහ මාකොළ ප‍්‍රදේශයන්හි පදිංචි සේවකයන් හතළිස් දෙනකු පමණ නිරෝධායනය ස`දහා යොමු කිරීමට ද කටයුතු කර ඇත.
මේ අතර පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් අසනීප තත්ත්වයකින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම කාන්තාව කොරෝනා ආසාදිතයකු ලෙස හ`දුනාගනු ලැබූ සීදුව ප‍්‍රදේශයේ පාස්ටර්වරයාගේ ළ`ගම ඥාතිවරියක් වන අතර ඇය පානදුර ගොරකාන ප‍්‍රදේශයේ සහෝදරියකගේ නිවසට පැමිණ සිටියදී අසනීප වී රෝහල් ගත කර ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හ`දුනාගත් රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවගේ පියා කොරෝනා ආසාදිතයකු බව ඊයේ හෙළිවී තිබිණි. ඇගේ මව පසුගිය සතියේ එම ශිෂ්‍යාව බැලීමට ඇය නවාතැන් ගෙන සිටි කපුගම තල්පාවිල පාරේ පිහිටි නිවසට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් නිවසේ සිටි නිවැසියන් නිරෝධායනයට යොමු කිරීමට සොඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මේ අතර කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කළ බැංකු නිලධාරියකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හෙළිවී තිබුණු අතර ඒ හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමටද කටයුතු කරනු ලැබිණි.
එසේම සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (11 වැනිදා) හ`දුනාගනු ලැබූ ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ තවත් සිසුවියකට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය විය.
මුලින්ම හ`දුනාගත් සිසුවිය සම`ග එකම නවාතැනක නවාතැන් ගෙන සිටි ශිෂ්‍යාවකට මෙසේ වෛරසය ආසාදනය වී තිබෙන බවද වාර්තා විය.
-සමන් ගමගේ, ටෝනි කරුණානායක, චමින්ද සිල්වා, සුජාතා ජයරත්න
පසුබිම් වාර්තා - රුක්මන් පින්තු, සුදත් පුබුදු කීර්ති, බී.ටී.කේ. ජාඇල, චන්ද්‍රදාස කොඩිතුවක්කු සහ සෝමපාල නැලිගම