Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
වී තොග සඟවා ගෙන සිටින අතරමැදි වෙළෙඳුන් පිටුපස දේශපාලන ප්‍රබලයින්..!

වී තොග සඟවා ගෙන සිටින අතරමැදි වෙළෙඳුන් පිටුපස දේශපාලන ප්‍රබලයින්..! Featured

ඔක්තෝබර්,18 2020 - 
පුවත්

සඟවා තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා වී තොග රාජසන්තක කර වෙළෙඳපොළට මුදා හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික පනතින් ඒ සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.

අතරමැදියන් විසින් සඟවා ගෙන ඇති වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක් ආරම්භ කර ඇත.

එම වැටලීම්වලට අනුව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සඟවා තිබූ වී කිලෝ ලක්ෂ එකළොහක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස වී සඟවා ගෙන තිබූ පුද්ගලයන්ට වත්මන් රජයේ උතුරු මැද පළාතේ දේශපාලනඥයකු රැකවරණය ලබා දී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ වී කිලෝග්‍රෑමයක මිල රුපියල් 63 දක්වා ඉහළ යෑම නිසා පාලන මිලට සහල් ලබා දිය නොහැකි බවයි. එම නිසා වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ ගොස් තිබේ. අතරමැදියන් වී ගබඩා කිරීම නතර කළ පසු සහල් මිල අඩු කළ හැකි බව මහා පරිමාණ වී මෝල් හිමියන් පෙන්වා දී තිබේ.

More in this category: « රිෂාඞ්ගේ අතුරුදන් වීම පිටුපස පොලිටිකල් ගේම් එකක්..! 60කට අධික පොලිස් කණ්ඩායමටත් හොරෙන් රිෂාඞ් කොළඹට ඇවිත් ගියේ කොහොමද? දින 06ක් සැඟව සිටි රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
Copyright © Aanduwa.lk 2021 All rights reserved.