ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම පියවර ගත්බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (11 වැනිදා) පැවසුවේය.
එමෙන්ම,බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වලට සියළුම බස් රථ ධාවනයද ඉරිදා (15 වැනිදා) මධ්‍යම රාත්‍රිය දක්වා නතර කෙරේ.
බස්නාහිර පළාතේ සිට ධාවනය කෙරෙන සියලුම දුම්රියන් ඉරිදා (15 වැනිදා) මධ්‍යම රාත්‍රිය දක්වා නවත්වනු ලබන්නේ පළාතෙන් පිටත දුම්රිය ස්ථානවල පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු පැවසුවේය.
එහෙත් බෙලිඅත්ත,මහනුවර,මහව,පුත්තලම සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරන දුම්රිය අද (12 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන බවද සාමාන්‍යාධිකාරිවරයා කීවේය.
අද (12 වැනිදා) පස්වරුවේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය බස්නාහිර පළාත් සීමාවන්හි පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම,අඹේපුස්ස,කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා ගමන් කිරීමට හැකි බවද ඔහු පවසයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බළකාය ඊයේ (11 වැනිදා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය. හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බවත් එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවකුට ඉඩ නොතබන ලෙසත් ජනාධිපතිවරයා කියා සිටියේය.