රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග, සන්දිත් සමරසිංහ, පාලිත තෙවරප්පෙරුම සහ අනෝමා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති නමුත් රවී කරුණානායක සහ නවීන් දිසානායක යන අයවලුන් සහභාගි නොවූ බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහම මහතාට ලබාදී ඇතිමුත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සඳහන්.
තවදුරටත් පක්ෂ මහ ලේකම් ධුරයෙහි කටයුතු කරමින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.
අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ හදිසි සාකච්ඡාවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා හා අකිල විරාජ් කාරියවසම් මහතා අතර පෞද්ගලික මට්ටමින් අදහස් හුවමාරු කර ගැනීමක්ද සිදුව ඇති බවයි.
යළිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මෙරට බිහිකිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කරුණු දක්වා ඇති අතර ඉවසීමෙන් කටයුතු කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී තිබේ.
එහෙත් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය මෙතෙක් වෙනස්ව නැති බවද අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.