Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
රුපියල කඩා වැටීම පිටුපස මහා පරිමාණ අත යට ගනුදෙනුවක්!

රුපියල කඩා වැටීම පිටුපස මහා පරිමාණ අත යට ගනුදෙනුවක්! Featured

ජනවාරි,03 2021 - 
පුවත්

සතියකට පෙර රුපියලේ අගය විශාල ලෙස කඩා වැටීමට මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනයක දැවැන්ත ගනුදෙනුවක් හේතු වී ඇති බවට ලැබුණු පැමිණිලි මත ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ රහස්‍ය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙයට දෙසතියකට පමණ පෙර අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 185/-ත් 187/-ත් අතර පාවෙමින් තිබිණි. නමුත් හදිසියේම එම අගය අඩාල වී රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ ගියේය. ඒ අනුව දින කිහිපයක් තුළ ඩොලරයක වටිනාකම රුපියල් 194/-ක් විය. මෙලෙස ඩොලරය අධිප්‍රමාණය වීමෙන් මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය මිල මෙන්ම රටේ ණය බරතාව ද විශාල වශයෙන් ඉහළ යෑමේ අනතුරක් ද මතුවිය. මෙයින් සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය කැළැඹී ගියේය. පසුව මෙම තත්ත්වය සමනය කරගෙන ඇත්තේ මහ බැංකුව සතු ඩොලර් මිලියන ගණනක් වැය කිරීමෙනි.

අප වෙත ලැබෙන වාර්තා අනුව මෙය විදේශ විනිමය හා සම්බන්ධ දැවැන්ත ගනුදෙනුවකි. එකී මූල්‍ය ආයතනයේ ප්‍රධානීන් පවා නොදැන මෙය සිදුකර ඇත්තේ එහි කනිෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් යැයි අදාළ මූල්‍ය ආයතනය වගකිවයුතු අංශ වෙත වාර්තා කොට තිබේ.

සතියක පමණ කාලයක් තුළ විශාල විදේශ විනිමය තොගයක් පිටරටට පොම්ප කර එමගින් දැවැන්ත ලාභයක් අපේක්ෂාවෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇතැයි සඳහන්ය. විදේශ රටවලට මෙරටින් භාණ්ඩ අපනයනය කළ ප්‍රධාන පෙළේ අපනයනකරුවන්ගේ මුදල් එම මූල්‍ය ආයතනයේ විදේශ ගිණුම් වෙත ලැබුණු පසු ඒවා ශ්‍රී ලංකාවට නො‌ෙගන්වා අදාළ ගනුදෙනුවට යෙදවූ අවස්ථා ගැන ද පරීක්ෂණ අංශවලට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වෙතත් දැන් ඒ ගැන කෙරෙන පරීක්ෂණයෙන් පසුව ගත යුතු පියවර පරීක්ෂණ කමිටුව විසින් රජයට නිර්දේශ කරනු ඇත.

More in this category: « ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කරන්න ඩයස්පෝරාවෙන් මෙහෙයුමක්! නැගෙනහිර ‘සුපර් මුස්ලිම්’ අමුතු සංවිධානයක් ගැන බුද්ධි අංශ සීරුවෙන්... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • අමාත්‍යාංශ ආරංචි
Copyright © Aanduwa.lk 2021 All rights reserved.