නවසියපනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගනෙ තිබුණත් පැවති කිසිම ආණ්ඩුවක් නිධිය කැණීම සඳහා කිසිඳු පියවරක් ගෙන නොමැති බවද සඳහන්.
කෙසේවුවද ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම නිධිය යොදාගැනීමට 2009 අගෝස්තු 14 ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
අදාළ කාර්යාංශය මගින් සිදුකළ සමීක්ෂණයක් මගින් හෙළිකර ගෙන ඇති කරුණුවලට අනුව මෙම නිධිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයද විශාල වශයෙන් පවතින බව තහවුරු කරගෙන තිබේ.
මෙම නිධිය කැණීම සම්බන්ධයෙන් වන අදහස අලුත්ව ඇත්තේ පසුගිය 06 වැනිදා මෙම යපස් නිධිය හා හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදුකිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහත්වරුන් අතර පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදීය.
මෙරට ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ ජාතික ආදායම උපරිමව වර්ධනය කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ සාකච්ඡාවේදී තීරණය වී තිබේ.