රජයේ එන්නත් කරණ කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරන පරිදි එම පිරිස නියෝජනය කරන්නේ වයස අවුරුදු 60ට වැඩි තැනැත්තන් 3,159,800 (තිස් එක්ලක්ෂ පනස් නවදහස් අටසීයකි) ඉදිරිපෙළ සේවය කරන සෞඛ්‍ය සේවක සේවිකාවන් 155,000 (එක් ලක්ෂ පනස් පන්දහසක්) සහ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු කොරෝනා මර්දන රාජකාරිවල නියුතු 127,500 (එක් ලක්ෂ විසිහත්දහස් පන්සීයක්) සහ නගර පිරිසිදු කරන්නන් යන අයගෙනි.
සෙසු ජනතාවට ඉන්පසුව ඔවුන්ගේ වයස් කාණ්ඩ හා සෞඛ්‍ය තත්ත්වය අනුව එන්නත් කරණයේ ප්‍රමුඛතාව හිමිවෙයි. කෙසේ වෙතත් දරුවන් සහ ගැබිනි මව්වරුන් ආදීන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුවය. මෙරට සමස්ත ජනගහනයෙන් 60%කට මෙම එන්නත වට කිහිපයකදී ලබාදීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.