Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!

රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..! Featured

ජනවාරි,13 2021 - 
පුවත්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා,

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“

මේ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවියහැකි අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

එබැවින් අහිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට අවකාශයක් තිබේ.

More in this category: « දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට... පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි... »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
Copyright © Aanduwa.lk 2021 All rights reserved.