Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • පුවත්
EXCLUSIVE: සහරාන් මරාගෙන මැරෙන්න කෙල්ලො 15කටත් පුහුණු කළා.. ෂහීඩා පාපොච්චාරණය කරයි

EXCLUSIVE: සහරාන් මරාගෙන මැරෙන්න කෙල්ලො 15කටත් පුහුණු කළා.. ෂහීඩා පාපොච්චාරණය කරයි Featured

පෙබරවාරි,22 2021 - 
පුවත්

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකත්වය නියෝග ලබාදෙන ඕනෑම අවස්ථාවකදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා තමන් ඇතුළු මුස්ලිම් ජාතික කාන්තාවන් 15 දෙනකු දිවුරුම් දී තිබූ බව අත්අඩංගුවට ගත් එම සංවිධානයේ කි‍්‍රයාකාරි සාමාජිකාවක වූ ඊබ‍්‍රහිම් ෂහීඩා නමැත්තිය පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් ඇතුළු එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරියේ තමා ඇතුළු මුස්ලිම් කාන්තාවන් 15 දෙනා මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා දිවුරුම් දුන් බව ද එම තරුණිය වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

මෙසේ දිවුරුම් ලබාදුන් මුස්ලිම් කාන්තාවන් අතරින් 05 දෙනකු අම්පාර සහින්දමර්දු ප‍්‍රදේශයේදී සහරාන්ගේ සොහොයුරා වූ මොහොමඞ් රිල්වාන් සමඟ බෝම්බ පුපුරවා ගෙන සියදිවි හානි කර ගත් බව ද එම තරුණිය ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා දිවුරුම් දුන් කාන්තාවන් අතුරින් තිදෙනකු බන්ධනාගාරගතව සිටින අතර, ඉතිරි කාන්තාවන් 07 දෙනා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රැුඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊබ‍්‍රහිම් ෂාහීඞ් නමැති 24 හැවිරිදි තරුණිය ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ මාවනැල්ලේ පිහිටි ඇගේ නිවසේ සිටියදීය.

සැකකාර තරුණියගේ පියා වන ඊබ‍්‍රාහිම් මවුලවි සහ සොහොයුරන් දෙදෙනා වන මොහොමඞ් යුහයිම් ෂාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් යුහයිම් ෂාදික් අබ්දුල් හක් මේ වන විට බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුහු මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් ලෙස චෝදනා ලැබ සිටිති.

2019 වර්ෂයේ අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු ඊබ‍්‍රහිම් ෂහීඞ් නමැති මෙම තරුණිය ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අතර ප‍්‍රශ්න කිරීම්වලින් පසුව ඇය මුදාහැර තිබිණි.

තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන්ගේ දේශනවලට සහභාගි වී ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සහ අන්තවාදී ප‍්‍රහාර සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත. මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා දිවුරුම් ලබාදීම පිළිබඳව තොරතුරු අනාවරණය වන්නේ නැවත අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී බව මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

-හේමන්ත රන්දුණු

More in this category: « ඇස් කණ්ණාඩි පළඳින අයවලුන්ට කොවිඩ් නෑ... නවතම පර්යේෂණයකින් හෙළි වෙයි EXCLUSIVE: බැසිල් - මංගල කොළඹ තරු හෝටලයේදී හදිසියේ හමුවෙයි..! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
    පෙබරවාරි,25 2021 - 
    ජනපතිගේ ආරංචි
  • ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
    පෙබරවාරි,23 2021 - 
    පුවත්
  • Home
  • පුවත්
Copyright © Aanduwa.lk 2021 All rights reserved.