ඔවුන් පෙන්වා දෙන්නේ සතොස මෙන්ම සමූපාකාර හරහාද මෙම භාණ්ඩ ලබා දෙන බව පැවසුවද සමූපාකාර වෙළදසැල්වලින් අඩු මිලට භාණ්ඩ ලබා නොදෙන බවයි.
ජනතාව එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ අඩු මිලට භාණ්ඩ අලෙවි කිරීමට අදාල කොන්දේසී ඇතුළත් ගිවිසුමට සමූපාකාරය මේ දක්වා අත්සන් නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.
සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල ඉකුත්දා පහත දැමුණු අතර එහි මිල ගණන් වෙළඳ පොලේ පවතින මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබුණා. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මාස 3ක කාලයක් සඳහා මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි.