අදාළ කළු බැලුන්වල ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකිකයන්ට අපහාස වන ආකාරයේ වැකි ප්‍රදර්ශනය කර තිබූ බවද සඳහන්.
මේ පිළිබඳව බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය සඳහන් කරන්නේ කිසියම් පිරිසක් පැමිණ කාර්යාලය ඉදිරිපිට බැලූන් එල්ලා යන අයුරු සීසීටීවී දර්ශන ඔස්සේ නිරීක්ෂණය වන බවයි.
අදාළ සීසීටීවී දර්ශන මෙට්‍රොපොලිටන් පොලීසිය වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවද සඳහන්.
මෙම සිදුවීම හුදෙකලා සිදුවීමක් පමණක් බවත් එහි කිසිඳු විශේෂ තත්ත්වයක් නොමැති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.