අදාළ මන්ත්‍රීවරයාගේ උපදෙස් පරිදි ඩෝසර් යන්ත්‍ර දෙකක් භාවිත කරමින් විනාශ කරමින් තිබෙන්නේ රජයට අයත් රක්ෂිතයක් වන බවත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මේ ඉඩම් සම්බන්ධයෙන් කිසිදු අයිතියක් නොමැති බවද මේවන විට හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ මහවැලිය යටතේ සිංහල ජනාවාස ඇති කිරීම සඳහා මෙම ඉඩම් අනාගතයේදී ඔවුන්ට ලබාදීමට ඉඩකඩ ඇති බැවින් ඊට පෙර තමන් විසින් මෙම ඉඩම් පළාතේ ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බවයි.
වන සංරක්ෂණ නිලධාරීන් ඔහුට මේ පිළිබඳව අවවාද කර ඇතත් ඔහු එම ක්‍රියාව මෙතෙක් නතර කොට නොමැති බවත්, නීතිමය ක්‍රියාමාර්ගවලදී පොලීසිය ඒ සඳහා සාධාරණ මැදිහත් වීමක් නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.