මෙරටට ආනයනය කරන ලද මෙට්ටි්‍රක් ටොන් 8000කට වැඩි පිරිපහදු කරන ලද පොල්තෙල් තොගයක් පසුගිය දා නිෂ්කාෂණය කර ඇතැයිද සඳහන්.
මෙම තෙල් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් විසින් බවද මේවන විට අනාවරණය කරගෙන තිබේ.
මෙරට ආනයනික පොල්තෙල් අවශ්‍යතාවයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ මෙම සමාගමෙන් වීමද මෙහි ඇති තවත් බරපතළ තත්ත්වයක් බව ආරංචිමාර්ග පෙන්වා දෙයි.
පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ, මේවන විටත් රටපුරා බෙදාහැර ඇති මෙම පොල්තෙල් තොගය සුපිරි වෙළඳසැල්වල විශේෂ ඇසුරුම් යටතේ, ව්‍යාජ තත්ත්ව සහතික හා ප්‍රමිති සහතිකද යොදා ගනිමින් පාරිභෝගික ජනතාවට අළෙවි කරන බවයි.
ලංකාවට විදේශයන්ගෙන් පොල්තෙල් ගෙන්වන්නේ නැති බවත්, ගෙන්වන්නේ පොල්තෙල් නොව ඒ සඳහා වන ආදේශක පමණක් බවත් බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.
කෙසේවුවද මෙම ප්‍රමිතියෙන් තොර විෂ සහිත තෙල් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය දා කතාබහට ලක්වූ සීනිබදු වංචාවට සම්බන්ධ අයවලුන් විසින්ම බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එමෙන්ම මෙම තෙල් තොගය ප්‍රමිතිගත ක්‍රියාවලියෙන් බැහැරව නිසි ක්‍රියාමාර්ග නොගනිමින් වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් හා මෙරට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අතරද කතාබහක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ විමසා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ ආණ්ඩුවේ එක්තරා ඉහළම පෙළේ කාර්යාලයක විධායක ශ්‍රේණියේ අයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු විසින් මෙම ගනුදෙනුවට සෘජුව මැදිහත්ව ඇති බවයි.
(වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...)