එම පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ප‍්‍රති අපනයනය කිරීමේදී සියලූ වියදම් ඒවා මෙරටට ගෙන්වනු ලැබූ සමාගම් සම්පූර්ණයෙන්ම දැරිය යුතු බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
මෙරට සමාගම් හතරක් මගින් බහාලූම් දහතුනක අසුරා පිළිකා කාරක සහිත පොල්තෙල් කිලෝ ග‍්‍රෑම් 183000ක් මෙරටට ආනයනය කර තිබුණු අතර එම පොල්තෙල් තොගවල ඇල්ෆටොක්සීන් නමැති පිළිකා කාරකය අධික මාත‍්‍රාවක් අන්තර්ගත බව ඊයේ (29 වැනිදා) දහවල් වන විට තහවුරු විය.
ඒ බව තහවුරු වී තිබුණේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය සිදුකළ පරීක්‍ෂණවලදීය. අදාළ පොල් තෙල් තොග මෙරටට ආනයනය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ පිළිබ`දව සිදු කළ පරීක්‍ෂාවකදී ඒවායෙහි ඇල්ෆටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට මුල්වරට අනාවරණය කෙරිණි.
ඒ අනුව අදාළ පොල්තෙල් තොග ප‍්‍රති අපනයනය කිරීමට නියමිතව තිබියදී ඒවා ගෙන්වනු ලැබූ සමාගම් ඉදිරිපත් කළ අභියාචනා අනුව ප‍්‍රමිති කාර්යාංශය මගින් ඒවා දෙවැනි පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබීය.
මෙම ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල ඇල්ෆටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට එහිදී නැවතත් අනාවරණය වී තිබුණු අතර එම පරීක්‍ෂණ වාර්තා ප‍්‍රමිති කාර්යාංශය මගින් ඊයේ දහවල් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබිණි.
ඒ අනුව ආනයනය කිරීමෙන් පසු රේගු දෙපාර්තමේන්තුව සමග ඇති කරගත් ගිවිසුම් අනුව වෙළෙ`දපොළට නිකුත් නොකිරීමේ නියෝගය යටතේ එම සමාගම් ගබඩාවල ගබඩා කර තිබුණු අදාළ පොල්තෙල් තොග වහාම ප‍්‍රති අපනයනය කිරීමට තීරණය කෙරුණු බවද මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා පැවසීය.