පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. ඊයේ උදෑසන ඓතිහාසික ජයශී‍්‍ර මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි මේ පිංකම්වලදී ප‍්‍රාර්ථනා කෙරිණි.