Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • ජනපතිගේ ආරංචි
  • අමාත්‍යාංශ ආරංචි
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව නිවහනකට
මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...

මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ... Featured

ජනවාරි,10 2021 - 
ජනපතිගේ ආරංචි

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටිනවා. ඊයේ (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක්. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට සූදානම් නැති බවයි මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා මෙහිදී විපක්ෂයට කියා සිටියා.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කර සිටිනවා. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් තමන්ව ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකළා. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දන්නවා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බවයි මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම් දීම සඳහා රැස්ව සිටියා.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09ක් වේ. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර, සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය. ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේ.

ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේ.

අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල - බොක්කබැද්ද - ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව - පන්නල්ගම, මහඔය - කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.

රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා සිසුන්ට භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

 

More in this category: « සාමයේ හා ප්‍රේමයේ සුබාරංචිය ලොව පැතිරේවා..!
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • ජනපතිගේ ආරංචි
  • අමාත්‍යාංශ ආරංචි
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව නිවහනකට
Copyright © Aanduwa.lk 2021 All rights reserved.