ගැහැණු කෙනෙක් ඔහොමද හැසිරෙන්නේ. ඊටත් මන්ත්‍රීවරියක්. කොච්චර ආදර්ශමත් විදියට ඉන්න එපාද ..අයියෝ අපේ සමාජේ ඉවරයි. ගැහැණු තමයි මේ විනාශේ කරන්නේ.
රටක විනාශේ පෙරගමන් කරු ගැහැණිය. ගැහැණිය ආදර්ශමත් වෙන්න ඕනි. ඔන්න පිරිමි කැති මුගුරු අරගෙන උඩ පනිනවා. හැබැයි මේ ගොඩක් අය දැන් මාස කීපයකට කලින් බුර්කා ගලවන්නත් මේ විදියටම උඩ පැන්න අය.
ඉතින් පිරිමි වගේම ගැහැණුත් කෑ ගහනවා. සංස්කෘතිය ඉවරයි කියල. දෙදාස් පන්සීයක සංස්කෘතිය ඉවරයි. ඉතිං දැන්වත් අපි විනය ඇති කරමු. ඔන්න ඔය විනය කතාවෙන් ප්‍රවාදය අවසන් වෙනවා.
පොඩි පොඩි වේදිකා හදන්න ඔක්කොමල කෑ කොස්සන් ගැහුවට ලොකු වේදිකාව වෙච්ච මේ මජර ක්‍රමය වෙනස් කරන්න කවුරුත් කතා කරන්නේ නැහැ. ස්කූටි අක්කා අයිති වෙන්නේ ලොකු වේදිකාවට. එයා සෙල්ලම් කළේ ප්‍රාග්ධන වේදිකාවේ.
මිට කලින් ලිපියක මම ලිව්වා මතකද Male Gaze තියරිය ගැන. ඒ කියන්නේ පිරිමි ඇහැට ඕනි විදියට ගැහැණු රඟ පාන එක ගැන. ඒකට තමයි කියන්නේ පිරිමියාගේ ෆැන්ටසි එක ගැහැණිය රඟ පානවා කියල පිරිමි ඇහැ සතුටු කරන්න. එහෙම සතුටු කලාම සල්ලි හම්බ වෙනවා. ආකර්ෂණය හම්බ වෙනවා. පොහොසත් වෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න පුළුවන්. චන්දෙ ඉල්ලන්නත් පුළුවන්.
දුලක්ෂි ප්‍රනාන්දු මෙතැනදී කලේ සවිඥාණික විදියට පුරුෂ ලෝකය අභියෝගයට ලක් කිරීම නම් නෙවෙයි. ඒක ෂුවර්. මොකද එයා ගොඩක් වෙලාවට ඉඳලා තියෙන්නේ අර පළමු ආකාරයට. ඒ කියන්නේ Laura Mulvey කිව්ව විදියට පිරිමි අනෙකා ගේ ඇස තුලින් ස්ත්‍රිය තම අනන්‍යතාවය ගොඩ නගනවා කියන එක තුල. තමාගේ ආශාව මොකක් වුනත් පුරුෂ ආශා වස්තුවක් විදියට නිරූපණය වෙන්න අරිනවා කියන එක. පිරිමි ඇසට ඕනි විදියට තම ස්ත්‍රී ශරීරය නිෂ්ක්‍රිය කරනවා (inert) කියන එක. ඔහේ පවතිනවා කියන එක. පිරිමියාගේ වර්ණනාව ඉස්සරහා තමන්ගේ කියල තියන දෙයක් ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව පුරුෂ ලෝකයට අනුගත වෙන්න අරිනවා කියන එක (conformity). සාරයක් නැති කතාව එන්නෙත් මෙතනින් වෙන්න පුළුවන්.
දුලක්ෂිගේ මුල් ෆොටෝ බැලුවම තේරෙනවා එයා සෑහෙන වෙහෙසක් අරගෙන තියනවා කියල පුරුෂ ඇස තෘප්තිමත් කරන්න. ඒකයි ඒ ෆොටෝ බලල සමහරු කියන්නේ ඔන්ලයින් ඕඩර් කරපු එක නෙවෙයි ඩීලිව කරලා තියෙන්නේ කියල. ඒ කියන්නේ ෆැන්ටසි දුලක්ෂි සහ ඇත්ත දුලක්ෂි අතර පැල්මක් තියනවා කියන එක (split). වෙන විදියකින් කිව්වොත් අපිට ඕනි අම්මා, අක්කි, සොයුරිය, බිරිඳ වගේ ෆැන්ටසි එකක් නෙවෙයි එයා මේ වෙලාවේ deliver කළේ. Pizza එකක් ඕඩර් කලාට ඇවිල්ලා තියෙන්නේ නිකම් හොදි නැති කුරහන් තලපයක් වගේ එකක්. දැන් ඉතින් ගිලගන්න බැහැ.
දුලක්ෂි තමන්ගේ ජිවිතයේ ඇත්ත ක්ෂිතිය (වෙන්නපුව නම් භූමිය ෂෙලිනියානු අර්ථයෙන්) පෙන්නුව ගමන් පිරිමි ඇස නිලංකාර වුණා. පරල වුණා. ඩිකිය දැකල ෆෝම් වෙච්චි ඒව නිකම්ම බැහැල ගියා. බුකියේ අඬන්න ගත්තා. කේන්තිය වැඩි කමට ජොනී සින් ගේ ෆොටෝ දැම්මා. ඒ කියන්නේ පිරිමි නපුංසක කම.
අශෝක හඳගම ලංකාවේ රැඩිකල් සිනමා කාරයෙක් වෙන්නේ මෙන්න මේ ෆැන්ටසි එක එයා අපේ ඇහැට ඕනි විදියට ඩිලිව කරන්නේ නැති නිසා. ඒ වෙනුවට එයා අපේ ඇස ක්ෂිතියට පත් කරනවා. මම හිතන්නේ ඒ අර්ථයෙන් එයා ලාංකික පිරිමියාට අභියෝගයක්. 'ඇගේ ඇස අග' නෙවෙයි 'විමුක්ති ඇස තුළ' හඳගම කවුද කියන එක අපි පස්සේ කතා කරමු (Handagama in the eye of a revolutionary).
පිරිමි භාෂාවෙන් කිව්වොත් 'ලස්සන සෙක්සි කෑල්ලක්' එකවරම මහපාරේ යක්ෂණියක් වන්නේ කොහොමද? සම්භාව්‍ය විදියට කිව්වොත් අනපේක්ෂිත ගැහැණු හැසිරීමෙන් පිරිමි මනස විසංයෝජනය වන්නේ කොහොමද? Online ෆැන්ටසි එක සහ මහපාරේ යථාව එකම ගැහැණියක් දරා සිටීම ගැන දැනගන්න ලාංකික අර්ථයෙන් X කණ්ඩායමේ සිට අද දක්වා ලිපි දිගට හරහට කියවන්න වෙනවා. ජේ. වී. පී. එක මේ වගේ පෙරළුමක් (twist) තේරුම් ගැනීම වෙනුවෙන් සාහිත්‍යයක් හදල නැහැ. තව දුරටත් ඉස්සරහට ගිහිල්ල අපි කියනවා දුලක්ෂි ප්‍රනාන්දු දෙස අසම්පාතය තුල සිටිමින් බලන්න (parallax view) කියල. ගැහැණිය සහ ප්‍රාග්ධනය කියන දෙපැත්තම දෙස වෙන වෙනම සහ සුසංවාදීව බලන්න කියල. එක පැත්තක එයා ගැහැණු රූපය මාකට් කරනවා මුහුණු පොතේ චන්ද දායකයෝ ඉස්සරහා. අනෙක් පැත්තෙන් ප්‍රාග්ධනය ලඟදි (බයික් එක) යක්ෂණියක් වෙනවා. එකම ගැහැණිය. වෙලාවකට ලස්සන කෑල්ලක්. අනෙක් වෙලාවට යක්ෂණියක්. අසම්පාතය ඇතුලේ බලපුවාම තවත් ටිකක් හොඳට එයාව තේරෙන්න ගනීවි.
දුලක්ෂි දේශපාලනයට එන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය ඇතුලේ. එයාගේ බයික් එක තමයි එයාගේ පෞද්ගලික දේපල. තව සල්ලි බාගෙත් තියනවා. ශ්‍රමයේ විගලිත පංතියක් නෙවෙයි ඒක. ලුම්පන් පසුබිමක් තියෙන්නේ. මේ පන්තිය විසින් ප්‍රජාතන්ත්‍ර වාදය අපේක්ෂා කරනවා වෙනුවට ඔවුන්ගේ එකම සිහිනය වන්නේ ප්‍රාග්ධනයේ අධිපති බව. ජෝඩි ඩීන් තමයි එහෙම කියන්නේ. ඒකයි එයා මංචනායයකට කියන්නේ සජිත් එනකල් හිටපන් කියල. ඒ එයාගේ ප්‍රාග්ධනය වෙනුවෙන් අධිපති බව පෙන්නන කෙනා. එයා ආශාක්ත වෙන්නේ ඒ අධිපතියා හට. තමන්ගේ පුද්ගලික දේපළ රැක දෙන අධිපති පිරිමියා හෝ ගැහැණිය ට. සරළයි. හැබැයි මාක්ස් වෙනදාටත් වඩා ජීවමානයි.
ඉතින් ට්‍රුම්ප් වගේ කෙනෙක් වෙත අපි බැඳෙන්නේ මේ ප්‍රාග්ධන හිමිකාරී බව නිසා. ධම්මික පෙරේරා වුනත් එහෙමයි නේද? ප්‍රාග්ධනය එහි හිමිකරුවන් කැමති වුනත් නැතත් එයට අධිපති බවක් ආරෝපණය කර ගන්න වෙනවා. මේ අධිපති ප්‍රාග්ධනය යම් මොහොතක ෆැසිස්ට් ලක්ෂණ වෙත ගමන් කරනවා කියල ජෝඩි ඩීන් කියනවා. ඉතිහාසය ඇතුලේ අපි ඒක දන්නවා. ඒ නිසා කොමියුනිස්ට් වාදය තාමත් ජීවමාන වෙනවා.
දුලක්ෂි දැකල ෆැන්ටසි කුඩු වෙච්ච අයියලා මල්ලිලා ට අපි කියන්නේ දැන්වත් ධනවාදය ගැන හදාරන්න කියල ගෝල් ෆේස් එකෙන් ඇස් ගිණිකනා වට්ට ගන්නේ නැතුව.
-By Mahesh Hapugoda