Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • අති විශේෂ
  • අමාත්‍යාංශ ආරංචි
  • කොරියානු රජයෙන් පොල් තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර තුනක් ශ්‍රී ලංකාවට
කොරෝනා අස්සේ අජිත්ට, හරීන්ට, තලතාට සහ ජවිපෙට හැදුන වෘෂභ කුලප්පුව; මොට්ට චරිතවලට ගොට්ට අල්ලන අනුරලාගේ පට්ට දේශපාලනයේ නොදන්න කෑල්ල

කොරෝනා අස්සේ අජිත්ට, හරීන්ට, තලතාට සහ ජවිපෙට හැදුන වෘෂභ කුලප්පුව; මොට්ට චරිතවලට ගොට්ට අල්ලන අනුරලාගේ පට්ට දේශපාලනයේ නොදන්න කෑල්ල Featured

අප්‍රේල්,27 2020 - 
අති විශේෂ

රටම අර්බුදයට ගොස් ඇති මොහොතක යම් යම් ප්‍රකාශ හරහා වීරයන් බවට පත්වීමේ විකට මෙහෙයුමක් විපක්ෂ දේශපාලකයන් විසින් ආරම්භ කොට තිබේ.

ජනතාව වෙනුවෙන් අබැටක් තරම් දෙයකින් උපකාරයක් කිරීමට නොහැකි වූ බංකොලොත් දේශපාලකයන්ගේ හෙළුව ඒ ඒ ප්‍රකාශ හරහා මනාව ප්‍රදර්ශනය වෙමින් පවතී.


එවන් වටපිටාවක ‘දිවයින’ පුවත්පතේ කතුවරයා මේ මොහොතේ රටේ පවතින ජනතා අභිලාෂය අකුරුවලට ගළපා තිබේ.


එදාවේල සරිකර ගනු වස් දේශපාලනයේ නියුතු වූවන්ට දිවයින කතුවරයා ලබා දෙන පණිඩුවය ඉතා වටිනා සහගත එකක් බව අපගේ හැඟීමයි.


2020 - 04 - 27 වැනි දා ‘දිවයින’ පුවත්පතේ අදාළ කතුවැකිය පහළින්...

 

දේශපාලන ප‍්‍රකාශ තුනක් (ටෙලිෆෝන් ප‍්‍රකාශ 2 යි. ජ.වි.පෙ. ප‍්‍රකාශ 1 යි)

මුලින්ම සාකච්ඡා කළයුතු පුංචි කාරණා තුනක් තිබේ. මේ තුනම අප සොයා ගන්නේ වෙබ් සයිට් වලිනි. ඒවා මෙසේ පෙළ ගස්වමු.

1.කොරෝනා මර්දනයට විශේෂඥ දැනුමක් ඇති පිරිසක් ටෙලිෆෝන් පක්ෂයේ සිටින බව එම පක්ෂයේ සුජීව සේනසිංහ පවසා තිබේ. සුජීව සේනසිංහ ටෙලිෆෝන් පක්ෂයෙන් නොමිනේෂන් ලබා මීළඟ ඡුන්දයට ඉදිරිපත්වන කෙනෙකි.

2.කොරෝනා මර්දනය සඳහා පිට රටවලින් කෝටි ගණනින් මුදල් ලැබී ඇති බවත් ආණ්ඩුව පරණ පාර්ලිමේන්තුව නොකැඳවන්නේ එම මුදල් මාටියා ගසනු පිණිස බවත් තලතා අතුකෝරළ සඳහන් කර තිබේ. ඇයද ටෙලිෆෝන් පක්ෂයේ නොමිනේෂන් එකකි.

3.ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීම සඳහා කලින් පැවති පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස කියා ඇත. තලතා අතුකෝරළ හෝ සුජීව සේනසිංහගේ කැටගරියට අයත් නොවන ප‍්‍රගතිශීලී තරුණයකු වන නලින්ද ජයතිස්ස ටෙලිෆෝන් පක්ෂයේ නොමිනේෂන් එකක් නොවේ. එහෙත් ඔහුගේ ප‍්‍රකාශය අනුව, ඔහු ටෙලිෆෝන් පක්ෂයේ නොමිනේෂන් එකක්දැයි කෙනකුට සැක හිතෙන්නට පුළුවන. 2025 දී අගේට ජනාධිපති වෙන්නට තිබූ සජිත් පේ‍්‍රමදාස දේශපාලන කුණු කානුවකට තල්ලූ‍ කළ අජිත් පී. පෙරේරා, හරීන් ප‍්‍රනාන්දු, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු දේශපාලන වෘෂභ රැුලට අයත් තලතා හෝ සේනසිංහ ගැන අප මේ වෙලාවේදී කතා නොකරමු.

මේ කට්ටියෙන් සමහරුන්ට සජිත් දිනවීමට තබා තම ආසනය දිනවීමටත් බැරිවිය. එහෙත් මේ රටේ උගත් මධ්‍යම පංතියේ ප‍්‍රමුඛ බලවේගයක්වන ජනතා විමුක්ති පෙරමුණට අයත් නලින්ද ජයතිස්ස මෙවැනි කතා කියන විට අප තුළ සොවක් උපදී. ආණ්ඩුව මේ වෙලාවේදී උත්සාහ කරන්නේ කවර ගේමක් හෝ ගසා මහා ඡන්දයට යාමටය. එය ආසියාතික රටවල්වල ස්වභාවයයි. ළඟ එන ඇමරිකන් ජනාධිපතිවරණය කල් දමා ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අපමණ වෙහෙසක් දරයි.

මන්ද ඇමරිකාවේ කොරෝනා රෝගීන් මැරෙන සංඛ්‍යාවට අනුව ළඟ එන ඡන්දයේදී ට‍්‍රම්ප් දිනන්නට නම් ප‍්‍රාතිහාර්යය ගණනාවක්ම සිදුවිය යුතුය. එහෙත් උතුරු කොරියාව පසුගිය සතියේදී, කොරෝනාව අස්සේම, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අප‍්‍රමාණ ජයක් වාර්තා කරගත්තේය. අපේ ආණ්ඩුව කොරෝනාව මර්දනය කළත් නැතත් ජනතාවට ගිය පණිවුඩය වූයේ ආණ්ඩුව කොරෝනාව මර්දනය කර ඇති බවය. තවමත් මේ රටේ සිටින කොරෝනා ආසාදිතයන් ගණන පන්සීයට අඩුය. මරණ සංඛ්‍යාව දහයට අඩුය. ඒ අනුව ආණ්ඩුව ඉතා දක්ෂ ලෙස කොරෝනාව මර්දනය කළ බවට ප‍්‍රකාශ කෙරෙන පින්තූරයක් පින්තාරුවී තිබේ.

මෙවැනි අවස්ථාවකදී ජ.වි.පෙ. කළ යුත්තේ සාම්ප‍්‍රදායික දේශපාලන ව්‍යුහයක් ඇති එ.ජා.ප. ය පොහොට්ටු පක්ෂය, ටෙලිෆෝන් පක්ෂය, දෙමළ ජාතික බාගෙට සන්ධානය (මේ සන්ධානයෙන් කෑල්ලක් දැනටමත් ගැලවී ගොස් ඇත), මුස්ලිම් කොංග‍්‍රසය යනාදීන් කියන මෝඩ ප‍්‍රකාශ හා සමාන ප‍්‍රකාශ නොකර ඊළඟ ඡන්දයේදී ස්වකීය සියයට තුනේ ප‍්‍රතිශතය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමය. මන්ද යත් මේ රටේ දේශපාලන ක‍්‍රමය තුළ ප‍්‍රගතිශීලී ඉදිරි ගමනක් ඇති එකම පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ කැපී පෙනෙන නිසාය. කව්රු කොහොම කිව්වත් ආණ්ඩුව ස්ථිර වශයෙන්ම මහා මැතිවරණය පැවැත්වීමට නියමිතය. එයට මුහුණදීම සඳහා සුදුසු ක‍්‍රමෝපායකට යන ලෙසත් සෙසු සාම්ප‍්‍රදායික දේශපාලන විකටයන් මෙන් නොවී සිය අනන්‍යතාව දිගටම පවත්වාගෙන යන ලෙසත් අපි ජ.වි.පෙ. න් ඉල්ලමු.

More in this category: « කොරෝනාවලින් පසු ලෝකය/පශ්චාත් කොරෝනා ලෝකය/කොරෝනාවලින් පසු ශ්‍රී ලංකාව ධනවාදය කොරෝනා නිසා මිය යන්නේ නැත.. ආදරණීය ටීචර්, දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න ‘කොරෝනා ධනවාදය සහ ආන් අපේ ඉස්කෝලේ’ ධම්ම දිසානායක ලියූ අතිශය සංවේදී ලිපිය »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි... මැතිවරණ කොමිසම කියයි...
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • රංජන් වසර 04ක් හිරේ... ඡන්ද අයිතියත් වසර 07කට අහිමියි..!
    ජනවාරි,13 2021 - 
    පුවත්
  • අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
    ජනවාරි,12 2021 - 
    ක්‍රීඩා
  • ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව චීනයෙන් ගේම ඉල්ලයි...
    ජනවාරි,12 2021 - 
    විදෙස්
  • දියවන්නා පොකුර තවත් ඉහළට... මන්ත්‍රීවරු 31ක් නිරෝධායනයට...
    ජනවාරි,12 2021 - 
    පුවත්
  • මම ඕන දෙයකට සූදානම්... හැබැයි පාදඩ දේශපාලනයට සූදානම් නෑ...
    ජනවාරි,10 2021 - 
    ජනපතිගේ ආරංචි
  • Home
  • අති විශේෂ
  • අමාත්‍යාංශ ආරංචි
  • කොරියානු රජයෙන් පොල් තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර තුනක් ශ්‍රී ලංකාවට
Copyright © Aanduwa.lk 2021 All rights reserved.