Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
  • Home
  • අති විශේෂ
  • ලංකාවේ කෑම කන ඕස්ටේ්‍රලියාවේ අගමැති ගැන කිසිවෙක් නොදන්න කතාව...
ලංකාවෙන් ලෝකෙටම යන රන්ජන්ගේ අනෝදා Tea එක...

ලංකාවෙන් ලෝකෙටම යන රන්ජන්ගේ අනෝදා Tea එක... Featured

සැප්තැම්බර්,06 2020 - 
අති විශේෂ

කටු අනෝදාවෙන් ලෝකය ජයගන්නට උත්සාහ කරන රන්ජන් හංචාපොළ අද වෙද්දී සාර්ථක ව්‍යාපාරිකයෙකි.

ඉංජිනේරුවෙක් ලෙසින් තණමල්විල ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ගිය රන්ජන්ට අහම්බෙන් වැවිලිකරුවෙක් වීමට ආසාවක් ඇතිවිය. 2015 වසරේදී රන්ජන් කපු සම්බන්ධව පර් යේෂණ කරන කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහු මූලික පර්යේෂණ සඳහා කණ්ඩායමක් සමඟ හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරත විය. අක්කර පනහ, හැට වැනි විශාල ඉඩම් ඔවුහු කපු වගාවට මිලදී ගත්හ. මේ නිසාම කවදා හරි දවසක තමන්ගේම ඉඩමක වැවිලිකරුවෙක් වන්නටත් රන්ජන් හීන දැක්කේය.

image afc88ab120

රන්ජන් ගහකොළට ආදරය කළ තරුණයෙකි. ගහකොළ, සොබාදහම පිළිබඳ අපූරැ බැඳීමක් ඒ හිතේ තිබුණි. කපු වගාව සඳහා ගත් ඉඩමේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ඉංජිනේරැවා ලෙසින් කටයුතු කළේ රන්ජන්ය. දවසින් දවස රන්ජන්ගේ හිතේ වැවිලිකරුවා යන සිහිනය ඉස්මතු විය. රන්ජන් තණමල්විල සහ උඩවලව අතර පිහිටි 19 කණුව ප්‍රදේශයෙන් අක්කර පහක ඉඩමක් මිලදී ගත්තේය. එම ඉඩමේ අඹ වවන්නට ඔහු තීරණය කළේය. නමුත් ඒ වෙද්දී බොහෝ ඉඩම් අඹ වෙනුවෙන් වෙන්වී තිබූ බැවින් වෙනත් පළතුරක් වගා කරන්නට රන්ජන්ගේ සිත යොමුවිය.

ඉංජිනේරුවකු ලෙසින් කටයුතු කළ රන්ජන් වැවිලිකරැවකු වන්නට උත්සාහ දැරුවද මුල් කාලේදී ගෙදරින් අකැමැත්ත පළ විය. නමුත් රැකියාව කරන අතරතුර ද මෙලෙස වගා කරන්නට ගත් උත්සාහයක් නිසා අවසානයේදී රන්ජන්ට ඔවුන්ගේ කැමැත්ත ලැබුණි. අක්කර පහ ඉඩම දෙකට බෙදා අඹ එක් කොටසකත්, අනෝදා තවත් කොටසකත් වගා කිරීමට ඔහු කටයුතු කළේය. මේ අතර කාලයේදී රන්ජන් කටු අනෝදා පිළිබඳ විවිධ පර් යේෂණ අත්හදා බලමින් සිටියේය. අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳව ඔහු සොයා බැලුවේය. අවසානයේදී ලෝකයේ බොහෝ රටවලින් කටු අනෝදා සඳහා හොඳ ඉල්ලුමක් තිබෙන බව සොයා ගැනීමට රන්ජන් සමත් විය.

ඔහු ඒ අවටින් තව තවත් ඉඩම් මිලදී ගත්තේය. මේ වෙද්දී අක්කර විස්සක පමණ විශාල ඉඩම් කොටසක රන්ජන් කටු අනෝදා වගා කර තිබිණි. කටු අනෝදා පිටරට යවන්නට ඔහුගේ හිතේ බලාපොරොත්තුවක් නොවීය. කටු අනෝදාවලින් යම් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට ද රන්ජන්ගේ හිතේ බලාපොරොත්තුවක් නොවීය. ඖෂධීය පළතුරක් වන කටු අනෝදා ගෙඩි ලෙසින් වෙළෙඳපොළට යැවීම ඔහුගේ අදහස විය. නමුත් අක්කර ගණනාවක වැවෙන අනෝදා ඵලදාව නෙලීමෙන් පසුව දින දෙක තුනකින් විකුණා අවසන් කළ යුතුව තිබිණි. එය ඵලදාවට ගැටලුවක් විය.
2018 වසරේ මුල් කාලයේදී කටු අනෝදාවලින් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට රන්ජන් තීරණය කළේය. ඔහු අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳව සොයා බැලුවේය. විවිධ පර් යේෂණ සිදු කළේය. ඔහු අනෝදා යුෂ ගෙන බීමක් සෑදුවේය. එය සාර්ථක විය.

මුලින්ම අපි සීනි දාලා තමයි ඒක හැදුවේ. කොහොමත් මම සීනි රසට එච්චර කැමැත්තක් නැහැ. ඒ නිසා සීනි නොදා අනෝදා බීම එකක් හැදුවා. ඒක ඉතා සාර්ථක වුණා. ඒ අනුව තමයි මම මේ අනෝදා පානය නිෂ්පාදනය කළේ. යැයි රන්ජන් හංචාපොළ පැවසීය.

අනෝදා පානයට මෙන්ම අනෝදා කොළයට ද විදෙස් රටවලින් ඉතා විශාල ඉල්ලුමක් ලැබේ. අනෝදා ටී එකට විශාල ඉල්ලුමක් අද අමෙරිකාවේ පවතී. එයද විවිධ රසයෙන් යුක්තය. අනෝදා කොළ සමඟ දෙහි රසය, අනෝදා කොළ සමඟ ඉඟුරු, අනෝදා කොළ සමඟ මුරැංගා නිෂ්පාදනය ද මේ අතර වේ. මේ සියල්ලටම රන්ජන්ට විශාල ඉල්ලුමක් විදෙස් රටවලින් ලැබේ.

image 19e9240a1e

මේ වන විට රන්ජන් හංචාපොළ නිෂ්පාදනය කරනු ලබන අනෝදා පානය සහ අනෝදා ටී නිෂ්පාදනවලට අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, හොංකොං යන රටවලින් විශාල ඉල්ලුමක් ලැබෙන අතර, ඉදිරියේදී මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි, ජර්මනිය යන රටවල්වලටද මේවා අපනයනය කිරීම ඔහුගේ අරමුණය. එලෙස කටු අනෝදාවලට විශාල ඉල්ලුමක් මේ රටවලින් ඔහුට ලැබේ. නමුත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට තරම් කටු අනෝදා රන්ජන්ගේ වගා භූමියේ නැත. මේ නිසාම කටු අනෝදා වගාකිරීම සම්බන්ධව ගොවීන් දැනුවත් කිරීම සහ සියලුම උපදෙස් ලබාදීම මෙන්ම ලැබෙන අස්වැන්න නෙලාගැනීමේ වැඩපිළිවෙළක් ද මේ වන විටත් රන්ජන් ක්‍රියාත්මක කරයි. එවැනි ඉඩම් අක්කර හැත්තෑ පහක් අම්පාර ප්‍රදේශයෙන් ද, බදුල්ල රිදීමාලියද්දෙන් තවත් අක්කර සියයක්ද ගෙන මෙම කටු අනෝදා පැළ වගා කරමින් පවතී. එම වගාවන්ගේ අයිතිය ගොවියන්ට හිමිය.

කටු අනෝදා අවුරැද්දකට කන්න දෙකකට ඵලදාව ලැබෙන පළතුරකි. නමුත් නිවැරදි ලෙසින් වගාවට ජලය ලබාදීමට හැකියාවක් ඇත්නම් සෑම කාලයේදීම අනෝදා ගසේ පුෂ්ප හටගන්නා බව රන්ජන් පවසයි. ඒ අනුව කටු අනෝදා ගසෙන් ඉතා ඉහළ ඵලදාවක් ලබාගත හැකි බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තමන්ට ලබාදිය හැකි බවත් රන්ජන් පවසයි. මේ අනුව ගොවියන්ට මෙම වගාවෙන් ඉතා ඉහළ ආදායමක් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

රන්ජන් නිෂ්පාදනය කරන අනෝදා පානය රස අනුවද වෙනස් වේ. අනෝදා පානය සමඟ දෙහි, අනෝදා සමඟ ලෙමන් සහ අනෝදා සමඟ ඉඟුරැ නිෂ්පාදනය ද මේ අතර වේ. රන්ජන් මෙය ස්වභාවික පානයක් ලෙස හඳුන්වයි.
කටු අනෝදා පානයට අමතරව, වරකා පානයක් සහ තැඹිලි පානයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට ඔහු කටයුතු කර ඇත. මැලේසියාව සහ හොංකොං රටවලින් මෙම වරකා පානයට විශාල ඉල්ලුමක් තිබේ. විදෙස් රටවලට අපනයනය කරන තම කටු අනෝදා පානය මෙරට පාරිභෝගිකයන්ට පානය කරන්නට අවස්ථාවක් ඉදිරියේදී ලැබෙන බව ඔහු කියයි. මේ වන විටත් මෙම ශ්‍රී ලාංකීය පානය කොළඹ සුපර් මාකට් කිහිපයකින් මිලදී ගත හැකිය. නමුත් මෙම පානය ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවස්ථාව පැවතියද, ඒ සඳහා අයකරන බදු මුදල ඉහළ බව රන්ජන් පවසයි.

ඔහු තම ව්‍යාපාරය ආරම්භ කළා පමණි. අත දෙන්නට ඉන්නා අයට වඩා කකුලෙන් ඇද දමන්නට සිටින අය බොහෝය. මේ ආ ගමන්මග අතරතුර ඔහුගේ ජීවිතයේ වැටුණු තැන් අනන්තවත් ඇත. වගාවන් අතහැර දමන්නට සිතුණු වාරද අනන්තය. නමුත් කටු අනෝදාවෙන් ලෝකය ජයගැනීම මේ ධෛර්යවන්ත තරුණයාගේ හිතේ පැලපදියම් වී අවසානය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

More in this category: « ලංකාවේ කෑම කන ඕස්ටේ්‍රලියාවේ අගමැති ගැන කිසිවෙක් නොදන්න කතාව... මහනුවර අභිරහස් කම්පනය මහා අනතුරක සේයාවක්? රට පුරා පැතිරුණු භූ පැලුම් රාශියක්..! »
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

නවතම පුවත්

  • පවිත්‍රාට සුවයි...අද හෙටම යළි රාජකාරියේ... චන්න ඇමැති බලතල අතහරී..?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අන්‍ය මත ඉවසීමට නොදත් පඬියෝ ටිකක් නිසා පොහොටුවේ ඇතුළ කචල්..!
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • දෙබිඩ්ඩාගේ සළුපට අහකට... සාගර කාරියවසම් මොන කබ්බෙක්ද?
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • අගමැති ඉම්රාන් ජනපති ගෝඨාභය හමුවී කියූ දේවල්...
    පෙබරවාරි,25 2021 - 
    ජනපතිගේ ආරංචි
  • ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස්ට විශිෂ්ට ජයක්...
    පෙබරවාරි,25 2021 - 
    පුවත්
  • පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව නොලැබීම නිසා අගරද හිමි කලකිරෙයි...
    පෙබරවාරි,23 2021 - 
    පුවත්
  • Home
  • අති විශේෂ
  • ලංකාවේ කෑම කන ඕස්ටේ්‍රලියාවේ අගමැති ගැන කිසිවෙක් නොදන්න කතාව...
Copyright © Aanduwa.lk 2021 All rights reserved.