Latest Government News in Sri Lanka

  • නිවස
  • පුවත්
  • ජනපතිගේ ආරංචි
  • අගමැතිගේ ආරංචි
  • 225
  • අති විශේෂ
  • ආණ්ඩුවේ රස්සා
  • විදෙස්
  • ක්‍රීඩා
  • ගැසට් නිවේදන
  • විඩියෝ ගැලරිය
  • අප ගැන
  • දැන්වීම්
ලංකාවේ වීරයන් සේ සැලකූ ක්‍රීඩකයන් දැන් මෙල්බන්වල බස් එළවනවා...

ලංකාවේ වීරයන් සේ සැලකූ ක්‍රීඩකයන් දැන් මෙල්බන්වල බස් එළවනවා... Featured

මාර්තු,01 2021 - 
ක්‍රීඩා

ශී‍්‍ර ලංකාවේ ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඕස්ටේ‍්‍රලියාවේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ දග පන්දු යවන කී‍්‍රඩක සුරාජ් රන්දිව් සහ තුන් ඉරියව් කී‍්‍රඩක චින්තක ජයසිංහයි. ඔවුන් මෙලෙසෙ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ මෙල්බන් නගරයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ. සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ මෙල්බන් නගරයේ පිහිටි ප‍්‍රංශ සමාගමකට අනුයුක්තව සේවය කරන බවද එහි සඳහන්.

සුරාජ් රන්දිව් යනු 2011 වසරේ ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන මහා තරගයේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයෙක්. ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31 සහ පන්දුවාර 20 තරග 07ක් නියෝජනය කර තිබෙනවා. ජාත්‍යන්තර කඩුලූ 86ක් බිඳ හෙලා ඇති සුරාජ් රන්දිව් එවකට සැලකුනේ මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ තවත් දඟ පන්දු බලාපොරොත්තුවක් ලෙසයි. චින්තක ජයසිංහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 05කට කී‍්‍රඩා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මේ වන විට මෙල්බන් නගරයේ කී‍්‍රඩා සමාජයක් වෙනුවෙන්ද කි‍්‍රඩා කරමින් සිටිනවා. සුරාජ් රන්දිව් මෙන්ම චින්තක ජයසිංහගේද බලාපොරොත්තුව වී ඇත්තේද ඕස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් ලීග් කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමයි.

More in this category: « අනුෂ්කාට දියණියක්.. ක්‍රිකට් ලොව දිනූ කෝලි තාත්තා කෙනෙක් වෙයි..
back to top

1de3bbb1ae968833f25f284280bb7206 M

Copyright © Aanduwa.lk 2021 All rights reserved.